මැද පෙරදිග මතු වෙමින් යුද උණුසුමත් සමග ඉරානයට සිදු කරන ගුවන් ගමන් තවදුරටත් අත්හිටු වීමට ජර්මානු ලුෆ්ගන්සා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඊට අනුබද්ධ සමාගමක් වන ඔස්ට්‍රේලියානු ගුවන් සේවයද මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉරාන ගුවන් සීමාව භාවිතා කිරීම නවතා දමා ඇති බවයි .
දින 12කට පෙර සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියයෑමත් සමඟ ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැනුම් දී තිබුණා.
එම තත්තවය මතයි මෙම සමාගම් ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇත්තේ.