28 C
Colombo
Monday, May 20, 2024

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (09) ආරම්භ වුණා.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලිබල නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය කාර්යක්ෂම කොට පාරිභෝගිකයින්ට සහනදායි සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ දේශනවලින් පසුව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පාර්ශ්ව 14 ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...