26 C
Colombo
Sunday, May 19, 2024

ස්ත්‍රියට එරෙහි වාචික හිංසනයේ සැඟවුණු මුහුණුවර (1 කොටස)

- Advertisement -

“අපේ කාලයේ ගැහැණියක වීම අසීරුය. ඇය පුරුෂ මූලික සමාජයක අභියෝග රැසකට මුහුණ දිය යුතුව ඇත,. ලෝකය ඇගෙන් සුකුමාල පෙනුමක් අපේක්ෂා කරයි. ඒ අතර අශ්වයකු මෙන් වැඩ කිරිමේ හැකියාවද පතයි. . මේ සියලු අභියෝග මැද සියලු පීඩාවන් දරාගෙන ඉදිරියට යාමේ හැකියාව ඇයට තිබිය යුතුය. “
ස්ත්‍රියකගේ අභියෝගාත්මක භූමිකාව පැහැදිලි කරන මෙම ප්‍රකාශය හෙට දවසට කෙසේ වෙතත් අද දවසට නම් වඩාත් වලංගුය. ගැහැනියකට සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියට පා නගන විට එම ගමන් මග ඇහිරීමට එල්ල වන බාධක බොහෝය. එහිදී දුස්තොරතුරු හා වෛරී කතාවල පහසු ඉලක්කයක් බවට ස්ත්‍රිය පත්ව ඇත. බොහෝ වෘත්තීන්හි නියැළෙන ස්ත්‍රීන්ට එරෙහි වෛරී ප්‍රකාශ හා ඔවුන් අරභයා ගොඩ නැගෙන දුස්තොරතුරු පිරිමියෙකු අරභයා ගොඩ නැගෙන දුස් තොරතුරු වලට වඩා වේගයෙන් පැතිරෙන බව නිරීක්ෂණය කළ හැකිය.බොහෝ විට මේ තොරතුරු පැතිරෙන්නේ පදනමක් නැති කටකතා ස්වරූපයෙනි .මේ වන විට වේගයෙන් සිදුවන සමාජ මාධ්‍යයෙහි පැතිරීම ඊට තවත් පිටුබලයක් වී තිබේ .
වෘත්තීය හා සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි පවතින තරඟකාරිත්වය තුළ ස්ත්‍රියට එරෙහි අවියක් ලෙස මෙම කටකතා හා දුස් තොරතුරු යොදා ගන්නා ආකාරය ගැඹුරින් අධ්‍යයනය කොට හෙළිදරව් කිරීම වත්මන් සමාජයේ ඉදිරි ගමනට ද ඉවහල් වන කාරණයක් වනු ඇත .ඊට හේතුව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ජන බලකායෙන් හරි අඩක් ස්ත්‍රීන් වන බැවිනි .අවස්ථා ලැබෙන්නේ නම් ශ්‍රම බලකාය තුළ මෙන්ම බුද්ධි බලකාය තුළ ද ඇයගේ දායකත්වය පවතින තත්ත්වය ඉක්මවා බෙහෙවින් ඉහළ යනු ඇත .

මෙවැනි ප්‍රචාරයන් හි නියැලෙන්නන් අතර සමාජයෙහි දැන උගත් හා ප්‍රභූන් ලෙස ඉදිරියෙන්ම කැපී පෙනෙන පුද්ගලයන් ද සිටින බව පෙනේ.එවැනි පුද්ගල චර්යාවන් පොදු ආකල්ප කෙරෙහි මෙන්ම සමාජයේ ඉදිරි ගමන කෙරෙහි ද බලපාන ආකාරය සිද්ධි අධ්‍යයනයන් ලෙස වර්තමානයේත් , ඉතිහාසයෙත් අත්දැකීම් ඇසුරෙන් සාකච්ඡාවට ගත හැකිය .

වර්තමානය දෙස බලන විට අද ලොව පුරා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශවය ම සමාන වගකීම් දරති. එක්ව මෙන් ම එක හා සමානව ක්‍රියා කරති. නායකත්ව වගකීම් දැරීම ද එසේ ම ය.එහෙත් එහි ලා ස්ත්‍රීන් මුහුණ දෙන අභියෝග තවමත් මුළුමනින්ම පහව ගොස් නැත .
ස්ත්‍රියක වීම හේතු කරගෙන ඇය යන මඟ අහුරා බාධා පැමිණවීම සම්බන්ධයෙන් මෑතක සිදුවිම් ඇසුරෙන් කරන ලද අධ්‍යයනයන් අතර ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත්වීම ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය හදුන්වා දිය හැක. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරුන් 46 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ශානි මහත්මිය 2007 වසරේ ද සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් වීමට අධිකරණයේ පිහිට පැතීමට සිදු විය.

( වැඩිදුර කියවන්න. https://www.bbc.com/sinhala/sri-lanka-56120872 )

විභාග වලින් සමත් වුව ද ස්ත්‍රීන්ට විවිධ ඉහළ තනතුරු වලට පිය නැගීමට ස්ත්‍රීත්වයම බාධාවක් වන බව ඇය ලද අභියෝග වලින්ම මනාවට පැහැදිලි වේ. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත්වීම ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරිවරුන් තිස් දෙදෙනෙක් ( 32 ) ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම තව දුරටත් එම කරුණ තහවුරු කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශයේ ප්‍රධානි රුවන් ගුණසේකර මහතා ඇතුළු පෙත්සම්කරුවන් තිස් දෙදෙනෙකු එක්ව මෙම ස්ත්‍රියකගේ පත්වීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බව පවසමින් එම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

උසස් කිරීම් වලට අදාළ රෙගුලාසි වල “කාන්තා “යන වචනය සඳහන් නොවන නිසා මෙරට කිසිදු පොලිස් නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්විය නොහැකි බව සදහන් කරමින් ප්‍රථමවරට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව එම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබු අතර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උසස්වීම ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරුතහනම් නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිනිය එම පෙත්සම සහ එහි කරුණු අභියෝගයට ලක් කරමින් අධිකරණයේ පෙනී සිටි අතර ඇය කිසි විටකත් පරාජය බාරගත් බවක් නොපෙනුණි.

( වැඩිදුර බලන්න https://youtu.be/foUiZNobgwc )

(මෙහිදී තමා කාන්තාවක් වීම තමන්ගේ උසස් වීම් වලට බාධාවක් වූ අයුරු ඇය කියා සිටී .එබැවින් ජාතික පොලිස්‌ කොමිෂන් සභාව ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා, මැදිහත් වීමේ වැදගත්කම ඇය පෙන්වා දෙයි .
https://youtu.be/eUGnRA6KM0w )
ඒ සටනින් ඇය ලැබූ ජය මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඉතිහාසයේ වැදගත් මං සලකුණකි . ඉන් නොනැවතී ,
මේ වන විට ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහ
පත් කර ඇත. ඒ. ජී. එන්. ඩී. සෙනවිරත්න, එස්. ඒ. ආර්. ජයසුන්දර හා ඩබ්. ජේ. පද්මිණි යන කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනාය. ශ්‍රී ලංකා පොලිසියේ දැනට සිදු කෙරෙමින් පවතින නව ප්‍රතිසංවිධාන සැලසුම් අනුව දක්ෂතා හා හැකියාව මත ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට ද පොලිස්පති ධුරය දක්වා උසස්‌වීම් ලබා ගැනිමේ සුවිශේෂී අවස්ථාව මේ වන විට උදා වී ඇත.
https://mawbima.lk/news-more/88821

– හංසි නානායක්කාර –

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...