මෙරට එක් දිනකදී තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ වාර්තා වනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැයි 02 වනදා සිට මැයි 20 වනදා දක්වා සිදුව ඇති කොවිඩ් මරණ 44 ක් තහවුරු කර තිබෙනවා.
එමෙන්ම පෙරේදා වාර්තා කරන ලද කොවිඩ් මරණ 38 න් එකක් අඩුවිය යුතු බවටද නිවැරදි කිරීමක් අදාල නිවේදනයේ සදහන්.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1088 ක්.
කෙසේ වෙතත් පෙරේදා දිනයේ සිට කොවිඩ් මරණ සවිස්තරාත්මකව ලබාදීම අත්හිටුවා තිබෙනවා.
මේ වන විට සියලු මරණ තනි කොලයක වාර්තා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන බවයි පෙනෙන්ට ඇත්තේ.
