27.8 C
Colombo
Monday, June 23, 2025

පොලිසිය ගෝනපීනුවල කපිල කුමාරව අතුරුදන් කිරීම ගැන මානව හිමිකම් කොමිසම නීතිපතිට දන්වලා

- Advertisement -

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා සම්බන්ධයෙන් විය හැකි වන බලහත්කාර අතුරුදන් කිරීමක් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙන බව ඩේලි මෝනින් පුවත්පත වාර්තා කරනවා.

ඔහුගේ අතුරුදන්වීම මේ වසරේ මාර්තු 26 වැනිදා සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන් කපිලගේ මව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

තොරතුරු සඳහා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, පොලිස් විශේෂ කාර්ය බළකාය අප්‍රේල් 12 වැනි දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තා කර ඇත්තේ ඔහු තම අත්අඩංගුවේ නොසිටින නමුත් වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි බවයි.

ඔහු සිටින්නේ කොහේදැයි යන්න නොදැන සති කිහිපයකට පසු, කපිල අප්‍රේල් 20 වැනි දින පිටිගල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, අප්‍රේල් 21 වැනි දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබා දුන් ප්‍රකාශයක දී කපිල චෝදනා කළේ මාර්තු 26 වැනි දින ‘පොලිස් නිලධාරීන්’ යැයි කියාගත් පුද්ගලයන් විසින් ‘සුදු වෑන්’ රථයකින් තමා පැහැරගෙන ගිය බවයි.

වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමාගේ දෑස් බැඳ හඳුනා නොගත් ස්ථානයකට රැගෙන ගොස් දින කිහිපයක් ප්‍රශ්න කළ බවත් ප්‍රශ්න කළ අය පහර දී මරා දමන බවට තර්ජනය කළ බවත් කපිල චෝදනා කරනවා.

තමන් සොයන සැකකරු ඔහු නොවන බව වැටහීමෙන් පසුව එම ප්‍රශ්න කරන්නන් ඔහුව ‘පොලිස් භාරයට’ භාර දීමට තීරණය කළ බවත් පසුව තමන්ව නිලධාරීන් කණ්ඩායමකට භාර දුන් බවත්, අවසානයේ ඔහු පිටිගල පොලිස් ස්ථානයට භාර දුන් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතියේ 3 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව මානව හිමිකම් කොමිසම නීතිපතිවරයාට දන්වා තිබෙනවා.

‘කිසිම පුද්ගලයකු රහසිගතව රඳවා තබා නොගත යුතුය’ යන පනතේ 15(1) වගන්තිය ද එම කොමිසම උපුටා දක්වා ඇත.

කපිල බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදීම නීතිපතිවරයා විසින් සළකා බලන ලෙස එය නිර්දේශ කළා.

අදාළ මහාධිකරණය හමුවේ එම පනත යටතේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සළකා බලන ලෙසද කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...