26 C
Colombo
Monday, May 20, 2024

බිරිද ඝාතනය කළ සැමියා වසර 12කට පසු අත්අඩංගුවට

- Advertisement -

තම බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වී වසර 12 ක කාලයක් පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු මාතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරු වැලිගම – හේන්වල ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටියදීයි.

අම්බලන්ගොඩ – මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා 2012 වසරේ දී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහරදී ඝාතනය කර තිබුණා.

පසුව මීටියාගොඩ පොලීසිය ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණා.

වසරකින් පසු ඇප ලැබීමෙන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබූ අතර විත්තිකරු නොමැතිව බලපිටිය මහාධිකරණයේ විභාග වූ නඩුවේ දී ඔහුට මරණ දඩුවම නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත් දඩුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ, පොලිසියට ඔහුට සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ඔහු වැලිගම විහාරස්ථානයක සැකකරු සැගව සිටින බවට ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදී සැකකාර පුද්ගලයා පලා ගොස් ඇති අතර, පොලීසිය කිලෝ මීටරයක් පමණ දුරක් ලුහුබැඳ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...