34 C
Colombo
Friday, May 3, 2024

IMF පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරේ

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් පහසුකමේ සැකසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (18) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය මාර්තු 22 වනදා මාස 48 ක කාලයක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළා.

එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අනතුරුව නිදහස් කරනු ලැබුවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් අදාළ මූල්‍ය පහසුකම සඳහා පොරොන්දු පත්‍රය ද නිකුත් කළා.

එම අරමුදලේ පහසුකම සහ අනෙක් අදාළ ලේඛන ද 2023 මාර්තු 23 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර එම මුල්‍ය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කර ගැනීමට සහ එම ණය පහසුකමට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති සම්පාදනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...