25 C
Colombo
Sunday, April 14, 2024

ජීන්ස් අඳිනවායැයි ඉන්දියාවේ 17 හැවිරිදි දියණියට පවුලම එකතු වී අමානුෂිකව පහර දී ඝාතනය කරයි

- Advertisement -

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 17 හැවිරිදි දැරියක් ඇගේ දෙමව්පියන් විසින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබෙනවා.

ඇය මෙසේ ඝාතනය කළ ඇත්තේ ඇගේ ඇඳුම් විලාසිතාවන් දෙමව්පියන්ගේ දෝෂදර්ශනයට ලක්වීම හේතුවෙන්.

නේහා පස්වාන් නම් දැරිය ජීන්ස් විලාසිතාව ප්‍රිය කළ අතර ඇගේ දෙමව්පියන් එයට දැඩි ලෙස විරුද්ධ වී ඇති බව පැවසෙනවා.

ඇය උපත ලබා තිබුණේ ප්‍රාන්තයේ අඩුම සංවර්ධන කලාපවලින් එකක් ලෙස සැලකෙන ඩියෝරියා දිස්ත්‍රික්කයේ සැව්‍රෙජි ඛාර්ග් ගම්මානයේයි.

ඇඳුම් පිළිබ්ඳ බහින්බස් වීමක් දුරදිග යාමන් පසුව දියණියට ඇගේ සීයා සහ බාප්පා විසින් සැරයටියලින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

ආගමික චාරිත්‍ර හේතුවෙන් දවස පුරා නිරාහාරව සිටි නේහා සවස ජීන්ස් ඇඳුමකින් සැරසී ඇගේ චාරිත්‍ර ඉටු කර ඇති බව ද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (14) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

පසුගිය දින තුනේ අධිවේගයේ ආදායම මෙන්න

ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව,...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...