25 C
Colombo
Saturday, December 9, 2023

යළි හිස්වෙන පොලිස්පති පුටුව

- Advertisement -

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිව්වැනි වරටත් ලබාදුන් සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (18) රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇති ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අවසන් සේවා දිගු දෙකම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමටයි.

සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා සිට වන අතර ඔහුට අවස්ථා 4කදී සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සේවාදිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ ද එසේත් නැත්නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට වාර්තා වනවා.

පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතු ව ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...