24 C
Colombo
Thursday, February 20, 2025

කැන්ගරුවන් හත්වන වරටත් ලෝක කුසලාන අවසන් සටනට

- Advertisement -

තරගාවලිය පුරා පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා කළ ප්‍රබල දකුණු අප්‍රිකාව කඩුළු 03කින් පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඉන්දියාවේ කොල්කටා නුවර ඉඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන අවසන් පුර්ව තරගයේ කාසිය වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකා නායක ටම්බා බවුමා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළත් එම තීරණයට සාධාරණත්වයක් ඉටුකිරීමට දකුණු අප්‍රිකා පිතිකරුවන් සමත්වුණේ නැහැ.

තරගාවලිය පුරා විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ ක්වින්ටන් ඩි කොක්, හෙන්රිච් ක්ලාසන්ගේ පිත්තේ සැර අවසන් පුර්ව තරගයේදී මෙල්ල කළ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන බලඇණිය මුලසිටම තරගයේ වැඩිවාසි තමන්ගේ පසට ඇදගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා ඉනිමේ මුල් කඩුළු 04 ලකුණු 24ක් තුළ බිදවැටෙද්දි හුදකලා සටනක නිරත් වූ ඩේවිඩ් මිලර් පන්දු 116ක් තුළ ලකුණු 101ක් ලබාගැනීමට සමත්වුණේ හයේ පහර 05කින් සහ හතරේ පහර 08කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

මිලර්ගේ එම උත්සහයට පිංසිදුවන්නට පන්දුවාර 49.4ක් තුළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලකුණු 212ක් ලබාගත්තද එය අවසන් තරගයට පිවිසීමට තරම් ප්‍රබල ලකුණු පුවරුවක් වූයේ නැහැ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදි මිෂෙල් ස්ටාර් සහ පැට් කමින්ස් අතර කඩුළු 3 බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ටද ප්‍රබල අභියෝගයක් එල්ල කළ දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය ලකුණු 135ක් තුළ කඩුළු 05ක් දවාගැනීමට සමත්වුණේ දකුණු අප්‍රිකාවට අවසන් තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

එහෙත් පිටියේ එක් පසක ස්ථාවරව ඕස්ට්‍රේලියානු ඉනිම ක්‍රමක් ක්‍රමයෙන් ජයග්‍රාහී මාවතට ගෙනගිය ස්ටීව් ස්මිත් තරගය තම පසට හරවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 47.2ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 215ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ 07වන වරටත් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබමින්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රවිස් හෙඩ් ලකුණු 62ක්ද, ස්ටීව් ස්මිත් ලකුණු 30ක්ද ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ අහමබාද් නුවර නරෙන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී 132,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...