31 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

- Advertisement -

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා.

පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර තිබෙනවා.

අපගේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත යැවීමට හැකිවීම ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලබනවා යනුවෙන් මෙම සමාරම්භක නැව්ගත කිරීම අමතමින්, ඉන්දියන් ඔයිල් හි අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් මහතා අදහස් දක්වමින් පවසා තිබෙනවා.

XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දක්.

එය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...