33 C
Colombo
Friday, March 29, 2024

පුරාවෘත්ත වල සඳහන්, වඳවී ගිය ගවරා නැවතත් මෙරටට

- Advertisement -

පුරාවෘත්ත බොහොමයක සඳහන් වන අයුරින් දාහත්වන සියවස පමණ වනතුරුම ශ්‍රී ලංකාවේ ජිවත්ව සිට ඇති බවට පැවසෙන ‘ගවරුන්’ ඉන්දියාවේ වනාන්තර වල අදටත් ජිවත්වන ගෞර් (ඉන්දීය බයිසන්) නම් ගව විශේෂය විය හැකි බවයි බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ.

මෙම ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා.

ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යාංශයට ඒ සඳහා වන ඉල්ලීමක් මෙරට බලධාරින් විසින් සිදුකර ඇති බවටයි. ඒ අනුව, ඉන්දීය විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම සලකා බැලීම සඳහා එරට පරිසර හා වනාන්තර අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

මහනුවර යුගයේ රජවරුන් ගවරා යොදාගැනීමෙන් පැවැත්වූ ක්‍රීඩාව ‘ගවර කෙළිය’ නමින් හඳුන්වනවා. ගවර කෙළිය ගැන කියවෙන පරිදි නම් එය ජිවිතයත් මරණයත් අතර සටනකි. ගවර කෙළිය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයා ගවරා හා පොරබදා ජයගත යුතු වනවා. මෙහිදී ඈත සිට විද මැරීම හෝ ආපසු පලා යාම මේ ක්‍රීඩාවේදී වලංගු වී නෑ. රජු විසින් නියම කරන දිනකදී රජුගේ සහභාගිත්වයෙන් යුතු උත්සවයකදී ගවර කෙළිය පැවැත්වුණු අතර ගවරා හා පොර බැද ජයගත් ක්‍රීඩකයා හට මෙහිදී රජුගෙන් තාන්න මාන්න හා ගරුබුහුමන් ලැබෙන නිසා තම දිවි පරදුවට තබා හෝ මෙම ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වන්නන් එකල ඕනෑ තරම් හිඳ ඇති බවයි පැවසෙන්නේ.

වරක්, මෙවන් ගවර පොරයක් නරඹමින් සිටි රාජාධි රාජසිංහ රජුට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. පොරයේ යෙදී සිටි ගවරකු එකවරම රජුට ප්‍රහාරයක් එල්ල කරන්නට රජු වෙතට කඩා පැන තිබෙනවා කිසිවක් කර කියාගත නොහැකිවූ රජුව බේරාගැනීමට ඉදිරිපත්ව ඇත්තේ පුංචිරාළ නම් පුද්ගලයෙක් වහා ක්‍රියාත්මක වූ පුංචිරාළ ගවරා මෙල්ල කර සිය අසිපතින් උගේ දිව සිඳ දැමු බව සඳහන් වෙනවා. සිය ජීවිතය බේරා දෙන්නට ඉදිරිපත්වුන පුංචිරාළ ගැන පැහැදුණු රජු ඔහුව දිසානායක පටබැඳිගේ නාමයෙන් සහ වන්නි විසිහතර පත්තුවේ රටේ ලේකම් පදවියෙන් පිදු බව සඳහන් වෙනවා. ගවරාගේ අං වලින් පානපත්‍ර හෙවත් චෂක තැනු බව පොත පතේ සඳහන් වනවා.

ප්ලයස්ටොසීන යුගයේ සිට මෑත ඉතිහාසය දක්වාම ලංකාව තුල ජීවත්ව නශ්ඨව ගිය ගවරුන්ගෙ දිව කටු සහිත බවට ජනප්රවාදයන්හි පැවසෙනවා. බොහෝ සතුන් තවත් සතෙකු විනාශ කරන්නට තමන්ගේ දත්, අං හෝ දෙපා යොදාගත්තත් ගවරා ඒ කාර්යන් සඳහා උගේ දිව උපකාර කරගත් බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ගවරාගේ දිව කටු සහිත පීරක් බඳු රළු තියුණු අවයවයක් වූ නිසා ඌ වෙනත් සතුන්ව ලෙව කෑමෙන් පමණක්ම උන්ගේ සිරුරු වලින් මස් ගලවා ඉවත් කරගත් බවත් ජනප්රවාදයන්හි පැවසෙනවා.

ජනප්‍රවාදයන් කෙසේ වූවත් ගවර් (Gaur) නැමැති ව්යවහාරික නාමයෙනුත් Bos gaurus නැමැති විද්යාත්මක නාමයෙනුත් හඳුන්වන්නෙ තද කළු පැහැ සමකින් යුත් ‘බොවිනේ’ කුලයට අයත් සත්වයෙක්. බොවිනේ කුලය යනු ගවයන්, මීගවයන්, යැක් ගවයන් ආදිය අයත් වර්ගීකරණයයි.

බොවිනේ සාමාජිකයන් අතරින් වඩාත් විශාලම සාමාජිකයන් වන්නෙ ගවරායි. එමෙන්ම ගොඩබිම ජීවත්වන සතුන් අතරින් බරින් වැඩිම සත්ව විශේෂයක්. දකුණු ආසියාව මේ සත්වයන්ගෙ නිජබිම වන අතර වර්තමානයේදි ඉන්දියාව සහ අවට කලාපයෙ ගවරුන් ජීවත්ව සිටිනවා.

1962 වර්ශයේදි පෝල් ඊ පීරිස් දැරණියගල මහත්මා විසින් අස්ථි කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ආවේණික ගවරුන් විශේෂයක් ජීවත්ව සිටි බවට ප්රථම වතාවට තහවුරු කරනවා. ශ්‍රී ලංකාවට ආවේණික වඳව ගිය මෙම ගවරුන් විශේෂය වර්තමානයේදි ඉන්දියාවේ ජීවත්වන ගවර විශේෂයට වඩා ප්රමාණයෙන් කුඩා විශේෂයක්.

ඓතිහාසික සටහන් සහ ඇතැම් ග්‍රාමීය ව්යවහාර, නාම ආදියහි ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන සාක්ෂි ඉතිරිව තිබෙනවා. ගවරම්මන, ගවර එලිය, ගවර විල මෙන්ම ගවරමාන නැමැති පඳුරු විශේෂය (Garnotia exaristata) එවන් ඇතැම් ව්යවහාර නාම වනවා.

ගවරුන් ගැන පැරණිතම සටහනක් වන්නෙ 1681 වර්ශයේදි රොබට් නොක්ස් විසින් තම An historical relation of Ceylon ග්රන්ථයෙ තැබු සටහනක්. ඉන්පසුව 1812 දි ජෝන් ඩොයිලි, මේජර් ෆෝබ්ස් විසින් eleven years in ceylon ග්රනථයෙන් 1840 දි, ජේම්ස් එමර්සන් ටෙනට් විසින් Historical and Topographical 1859 දි දිගින් දිගටම සටහන් තබා තිබෙනවා.

මතක තබා ගතයුතු කාරණය තමයි ගවරා යනු ඉතාමත් විශාල සත්වයෙකු බව. ඉන්දියාවේ වර්තමානයේදි ජීවත්වන ගවර විශේෂය සලකා බැලුවොත් ව්‍යාග්‍රයන් පවා ඔවුන්ට පහර දීමට පසුබට වෙනවා.

රත්නපුර ප්රදේශයෙන් ගවරුන්ගෙ අස්ථි සහ දන්ත කොටස් ලැබී තිබුණත් P.E.Pදැරණියගල මහත්මා විසින් 1962 වර්ශයේදි ගවර කපාලයක් සොයාගැනිම නිසා ලංකාවේ ගවරුන් වෙනම විශේෂයක් බවට හඳුනා ගැනුනා. ඔවුන්ට ලබා දී ඇති විද්යාත්මක නාමය Bibos sinhaleyus.

මෙලෙස ලැබී ඇති සියළු සාක්ෂි මඟින් උපකල්පනය කල හැක්කේ ලංකාවේ ගවරුන් මධ්ය කඳුකරය සිය වාසභූමිය කරගෙන සිටි බවයි. අධික දඩයමට ලක්වීමත්, බ්‍රිතාන්‍යයන් විසින් මධ්ය කඳුකරයට සිදුකල විනාශත් නිසා මෙි සත්වයන් මිහිමතින් වඳව ගොස් හමාරයි. ශ්‍රී ලංකාවෙ ගවරුන් වඳ වීමට හේතුව වූයේ ගෘහාශ්‍රිත ගවයන්ගෙන් බෝ වූ රෝගයක් හේතුවෙන් බවට තව එක් උපකල්පනයක් පවතිනවා. එය පිලිගත හැකි කරුණක්. ඉන්දියාවේ වත්මන් ගවර විශේෂයටත් අවස්ථා කිහිපයකදි එලෙස රෝග සංක්රමණය වීම නිසා ගහණය අවම වුනා.

ඔබ රත්නපුර කෞතුකාගාරයට ගියොත් ජීවමාන ප්රමාණයට සකස්කල ගවර යුවලකගේ ප්රතිනිර්මාණයන් දකින්න පුළුවන්. එයින් පෙර සඳහන් කල ප්රමාණයේ තරම එවිට ඔබට සිතාගත හැකිවනු ඇත.

ඉන්දියානු ගවරා
ඉන්දියානු ගවරා
ගවරාගෙ ප්‍රමාණාත්මක සංසන්දනය

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...