25 C
Colombo
Saturday, January 18, 2025

මීගමුව වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

- Advertisement -

මීගමුව, ගල්කන්ද හංදිය ප්‍රදේශයේ 60 පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් යතුරු පැදිය අද (11) දහවල් කටුනායක, අමන්දොළුව, අලුත් හේන පාරේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම ඊයේ (10) රාත්‍රී 7ට පමණ සිදු වී තිබූ අතර, ඉන් පැය දෙකකට පමණ පසුව මේ යතුරු පැදිය පිළිබඳ තොරතුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබී තිබුණා.

මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්, සීදුව පොලිසියේ නිලධාරීන් ද, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළහ . 

එසේම එම යතුරු පැදියේ තිබූ ඇගිලි සළකුණු ඇසුරෙන විමර්ශන කටයුතු සිදු කළ අතර, වෙඩික්කරුවන් එම ස්ථානයේ යතුරු පැදිය දමා පළා ගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...