27 C
Colombo
Friday, May 3, 2024

යුරෝපෙට පනින අලුත් ක්‍රමයත් මාට්ටු

- Advertisement -

ශ්‍රී ලාංකිකයින් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නව ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසකට හැකිවී තිබෙනවා.

බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු මෙහෙයවනවා.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර, ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම මෙම නවතම ක්‍රමයයි.

එවැනි කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...