29 C
Colombo
Saturday, July 27, 2024

මීළඟ පොලිස්පති ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

- Advertisement -

මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන්ට පිටපත් සහිතව මෙන්ම ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව අවධාරණය කර තිබෙනවා.

මේ වන විට පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බැවින්, මීළඟ පොලිස්පතිවරයා පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ කිසිදු කැළලක් නැති නිලධාරියෙකු පත් කළ යුතු බවත්, අපරාධ සම්බන්ධයෙන් චුදිතයන් ලෙස නම් කර ඇති අය හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් චුදිතයන් වී ඇති අය පත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගම වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා එම ලිපියට අත්සන් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...