29 C
Colombo
Saturday, July 27, 2024

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

- Advertisement -


ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති ලේකම්කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“1978 දී තමයි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත දෙන්න පටන් ගත්තේ. එතකොට මන්ත්‍රීවරයෙකුට වැඩකටයුතු කරන්න ලැබුනේ රුපියල් ලක්ෂ තුනයි. ගමක් දියුණු කරන්න මුදල් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වැඩකටයුතු තමන්ගේ ප්‍රදේශයේ ආරම්භ කරන්න. මෙහි එකම පරමාර්ථය තමයි ප්‍රාදේශීය මට්ටමින් ගමට යන එක. එදා යන්න බැරි වුනානම් දැන් හොද අවස්ථාවක් ගමට ගිහින් වැඩ කරන්න.

කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන් කාටවත් යන්න බැරි තැනක් නෑ. මුදල් අරගෙන වියදම් කරන්න. අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල්දාන්න එපා. එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි.

ගම්පහ දිස්ත්‍රික්කය අපි ඇති කළේ 1970 වසරේ. එදා ඉදන් කොයි ආණ්ඩුව තිබුණත් විශාල දියුණුවක් ගම්පහට ලැබුණා. අද වැඩිම ජනගහනය ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සිග්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. ඒක කලේ 1978 ඉදන්බ ලයට පත් වූ ආණ්ඩු හා ආණ්ඩු පාලනය කළ පක්ෂයි. ඒකෙන් ඈත් වෙලා හිටපු මිනිස්සු මුකුත් කළේ නෑ. ඈත් වෙලා හිටපු මිනිස්සු ගම්පහ හැදුවේ නෑ. එහෙම නොවුණානම් අද පොල් රබර් විතරයි තියෙන්නේ. ඒකත් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. සම්බන්ධ වුනේ නැත්නම් මොනවද කළේ. ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත්කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතු වලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...