27.2 C
Colombo
Saturday, June 21, 2025

විශ්වාසභංගය පොඩි එකාගෙ ලියුම වගේ – ගම්මන්පිළ (VIDEO)

- Advertisement -

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් ලබා ගැනීම අද ආරම්භ වුණා.

සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරියේදී භාරදීමට නියමිත අතර මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 22 නෙකු ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ විශ්වාසභංග යෝජනාව මගින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගණන 10ක්.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්වරයා විසින් ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව උදය ගම්මන්පිල විසින් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලඝනය කිරීම, ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉතා අධික ලෙස පහළ වැටුණු වසර එක හමාරක කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභය පාර්ලිමේන්තුවට සහ ජනතාවට වසන් කිරීම,ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම මත අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරමින් ජනතාවට ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීම, ඉන්ධන මිල ස්ථාවර කිරීම සඳහා පිහිටුවූ අරමුදලට කුමක් සිදු වූයේද යන්න පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීම, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලු‍ පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාමෙන් කොවිඩ් උවදුරෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම යන කරුණු ඊට ඇතුළත්.

මේ අතර, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට එක්වීම සඳහා පැමිණි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් යොමුකළ ලිපිය පිළිබඳ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES