24 C
Colombo
Thursday, February 20, 2025

කෙරවලපිටිය –නුගපේ විදුලි රැහැන් ඉදිකිරීමට තිබූ බාධා ඉවතට

- Advertisement -

2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාව පළ වී තිබෙනවා.

ඒ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී.

එහිදී මුතුරාජවෙල තෙත් බිමට ඉහළින් ඉදිකෙරෙන කෙරවලපිටිය – නුගපේ කිලෝවොට් 33,000 ක විදුලි රැහැන සඳහා පාරිසරික අවසරය ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව අදාළ පාර්ශ්ව සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණා.

මෙම කමිටුවේදී සිදු කළ සාකච්ඡාව අනුව අදාළ සියලු පාර්ශ්වවල එකඟතාවයකට පැමිණීමට හැකි වූ අතර ඒ අනුව පැවති බාධාවන් ඉවත් කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා

එමෙන්ම, මෙම පරිසර හිතකාමී ප්‍රදේශය තුළ පවත්වාගෙන යන කර්මාන්ත 8 ක කටයුතු පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස පරිසර සංවිධානවලින් කරන ලද ඉල්ලීම දීර්ඝ ලෙස ඉදිරි කාරක සභා රැස්වීමකදී සලකා බැලීමටද එකඟ වු බවට සඳහන් වනවා.

මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මුතුරාජවෙල සංරක්ෂණ සංගමය ඇතුළු පරිසර සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගීවි තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES