27.5 C
Colombo
Tuesday, June 25, 2024
spot_img

පළාත් පාලන ඡන්දය වළක්වන්නැ​යි ඉල්ලු පෙත්සමට ලැබුණු නියෝග​ය

- Advertisement -

රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ පෙත්ස​ම නොවැම්බර් 19 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම විශ්‍රාමික යුද හමුදා කර්නල් W.M.R විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කර තිබූ විශ්‍රාමික යුද හමුදා කර්නල් W.M.R විජේසුන්දර මහ​තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මේවන විට මියගොස් සිටින බවත් එබැවින් අදාළ පෙත්සමට වෙනත් පුද්ගලයෙකු ආදේශ කොට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලේඛන අධිකරණ හමුවේ ගොනුකර තිබෙන බවත් පෙන්වා දුන්නා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු ජනාධිපති නීතිඥවරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මියගොස් ඇති බව තහවුරු කෙරෙන ඔහුගේ මරණ සහතිකය අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවයි.

පෙත්සම්කාර කර්නල්වරයාගේ මරණ සහතිකය අධිකරණය හමු වී ගොනුකර නොමැති හෙයින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීමට තමන්ට විරුද්ධ වන බව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළා.

අදාළ පෙත්සම්කරු​ගේ මරණ සහතිකය අධිකරණයේ හමුවේ ගොනුකර නොමැති නිසා එම කරුණ සැලකිල්ලට ගෙන අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ නොදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙ​න් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු ද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ මරණ සහතිකය නොමැතිව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් පුද්ගලයකු ආදේශ කරන ලෙස කරනු ලබන ඉල්ලීම ගැටලු සහගත බවයි.

කෙසේ වෙතත් අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.


Related;

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...