29 C
Colombo
Saturday, May 18, 2024

මෙරට සමස්ත ජනගහනය පහළට

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ.

ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය .06% ක්.

මේ අනුව, කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය 74,000කින්ද අඩුවී තිබෙනවා.

මේ අතර, පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇති බවත්, මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇති බවත් ඔහු සදහන් කරනවා.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 8%ක්.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන් වන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි – ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු මයැයි තමන් යෝජනා කරන්නේ ඒ හේතුවෙන් බවත් නාගරික සංවර්ධන හා...

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...