27.4 C
Colombo
Wednesday, June 7, 2023

කණ්ඩායම් දෙකක හිමිකරුවන් LPL අතහැර යයි

- Advertisement -

කණ්ඩායම් දෙකක හිමිකරුවන් LPL දෙවන අදියරේදී සිය කණ්ඩායම් අතහැර තිබෙනවා. කෙසේ වෙතත් තරග සංවිධායකයන් පවසන්නේ වෙනත් දෙදෙනෙක් එම අයිතිය ලබා ගැනීම⁣ට මේ වනවිටත් කැමැත්ත පලකර ඇති බවයි.

එලෙස ඉවත්ව ඇත්තේ Colombo Kings සහ Dambulla Viking හිමිකරුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති සහ LPL ප්‍රධානී රවීන් වික්‍රමරත්න පවසන්නේ ඔවුන්ගේ ඉවත්වීම තරගාවලියේ ඉදිරි සැලසුම් සඳහා බලපෑමක් සිදු නොකරන බවයි. දැනට සැලසුම් කර ඇත්තේ LPL තරගාවලිය ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීම⁣ටයි.

පළමු LPL තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට පිවිසුණා. Dambulla Viking හිමිකාරිත්වය Sachiin Joshi සහ Viking Ventures විසින් දැරූ අතර Colombo Kings හිමිකාරිත්වය දැරුවේ Murfad Mustafa සහ Faza Group විසින්.

රවීන් වික්‍රමරත්න පවසන්නේ එම කණ්ඩායම් සඳහා ඉදිරිපත් වූ නව හිමිකරුවන්ගේ තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ බවයි. කෙසේ වෙතත් එම හිමිකරුවන් පිළිබඳ තොරතුරු ඔහු අනාවරණ කළේ නැහැ. කෙසේ වෙතත් මෙවර තරගාවලිය සඳහාද කණ්ඩායම් පහක් එක්වන බව ඔහු අවධාරණය කළා.

පළමු LPL තරගාවලිය මෙන්ම ජෛව බුබුලු සංකල්පය ආරක්ෂා කරගැනීමේ පහසුව සැලකිල්ලට ගෙන මේ වසරේද තරගාවලිය සූරියවැවදී පැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...