30 C
Colombo
Wednesday, May 22, 2024

ලංගම දඩයත් වැඩි කරලා

- Advertisement -

ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමටද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා .

ප්‍රවේශපත්‍ර නොමැතිව බස් රථවල ගමන් ගන්නා පිරිස් නිසා ගමනාගමන මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 70 ක පමණ පාඩුවක් සිදුවීම මත මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ මීට අදාළ නෛතික කටයුතු සිදුවෙමින් පවතින බවත් ලබන වසර තුළ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේදී රුපියල් 250 ක දඩ ගාස්තුවක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අලි මරණ නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...

ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර...

මියගිය පුද්ගලයකුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...