30 C
Colombo
Monday, March 20, 2023

රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ වෙයි

- Advertisement -

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දෙන ලදි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි.

විනිවිඳ පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කරන ලදි.

පෙත්සම ඊයේ (18) කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඬහහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුව මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බවයි.

ජාතික ලැයිස්තුව සඳහා පත්කරන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් යැයි පෙන්වා දුන් නාගානන්ද කොඩිතුවක්කු මහතා එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන ලද්දේ 2020 වසරේ මහ මැතිවරණය අවසන් වී මාස ගණනාවකට පසුව බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම වැඩබලන ජනාධිපති වශයෙන් පත්කිරීමේ තීරණය ද නීතියට පටහැණි බවත් ඔහු පෙන්වා දී තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි චෝදනා කරන ලදි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු මීට පෙරද පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඉකුත් වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම කරුණ මෙම පෙත්සමේ සඳහන් කිරීම පෙත්සම්කරු විසින් වසන් කර ඇතැයි චෝදනා කරන ලදි. ඒ අනුව, මෙම පෙත්සම හරහා පෙත්සම්කරු කරුණු වසන් කිරීම හා සත්‍ය විකෘති කිරීම සිදුකොට ඇතැයි ද ඔහු චෝදනා කළේය.

එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දෙන ලදි.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, වග උත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.