30 C
Colombo
Monday, March 20, 2023

පොලීසිය කොටුව උසාවියේදී බොරු කියලා

- Advertisement -

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අගෝස්තු 18 වන දින පවත්වන ලද උද්ඝෝෂණයට අදාල නඩුව අද (12) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබූවා.

එහිදි ජනාධිපති නීතීඥ එම්.එ. සුමන්තිරන් මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කරන ලද්දේ, මහජනතාවගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා වන පරිදි කටයුතු කිරීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බවත්, පොලීසිය විසින් විරෝධය දැක්වීමේ අයිතිය වර්ධනය වන පරිදි කටයුතු කළ යුතු බවත්ය.

පොලිස් ආඥා පනත අනුව විරෝධතා පාගමන් පිළිබඳව අදාල පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් කළයුතු බව සදහන් වුවද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කියවිය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් හීන වන පරිදි එම වගන්ති අර්ථනිරූපනය නොකළ යුතු බවත් ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නා.

තවද මෙම නඩුවේ 16 වන සැකකරු ලෙස නම් කර ඇති ජෙහාන් අප්පුහාමි පොලිස් අත්තඩංගුවෙන් පැන ගිය බවට මුලින් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබූවද, අද දින පොලීසිය විසින් අධිකරණයට දැනුම්දී සිටියේ ජෙහාන් අප්පුහාමී පොලිස් භාරයෙන් පැනයාමක් සිදුව නොමැති බවයි.

ජෙහාන් අප්පුහාමි යන අය පොලිස් භාරයෙන් පැන ගිය බවට පොලිසිය විසින් කරන ලද ප්‍රකාශය මාධ්‍ය හරහා ප්‍රචාරයට පත්වීම නිසා ඔහුට විශාල අපකීර්තියක් සිදුව ඇති බව මෙහිදී ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව එකී තත්වයන්ට වගකිවයුතු නිළධාරීන් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට වාර්තා කළයුතු බවද, ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.