28 C
Colombo
Saturday, July 27, 2024

යතුරුපැදියක් පරීක්ෂා කරන්න ගිහින් පොලිසිය ගුටි කාලා

- Advertisement -

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර පොලිසිය පවසනවා.

පානදුර කොට්ඨාස රථවාහන අංශ නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පානදුර අවට පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරනවා

පහරකෑ පොලිස් නිළධාරීන් දෙදෙනා මධ්‍යම රාත්‍රි 12.10 ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට තිබෙනවා.

මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ තිබෙන අතර ,පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් එය නවතා පරීක්ෂා කිරීමට යාමේදි යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී තිබෙන බව සඳහන් වනවා.

පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිළධාරීයෙකුට පහරදී ඇති බවත් , ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

පසුව පොලිස් නිළධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , එක් අයෙකු පලාගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

පහරකෑමට ලක්වූ සිව්දෙනාම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශනවලින් අනතුරුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...