හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් 2019 අංක 28 දරණ චක්‍රලේඛය මගින් ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරි තනතුර නව නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් අහෝසි කර තිබෙනවා.
ඒ 2021 අංක 34 දරණ නව චක්‍රලේඛයක් නිකුත් කරමින්.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති සම්බන්ධීකරණ තනතුරක් ඇති කරමින් පළමු වතාවට නීතිපතිවරයා හට මාධ්‍ය ප්‍රකාශිකාවක් ලෙස රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පත්කරනු ලැබූවා.
එකල මෙම පත්කිරම නීති ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන්නද එම තනතුර වසර දෙකක් පුරාවටම ක්‍රියාත්මක වුණා.
නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය යනු ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ හිමිකරුවන ගාමිණී ජයරත්න මහතාගේ දියණියයි.
