31 C
Colombo
Monday, June 17, 2024
spot_img

කේප්පාපිලවු ඉඩම් ගැටළුව විසඳීමට ජනපති මැදිහත් වෙලා

- Advertisement -

තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා එහි පැමිණි අවස්ථාවේ මෙම කාන්තාවන් මෙලෙස විරෝධතාවයේ නිරතවි තිබුණා.

මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා ඇති බවට වාර්තාවනවා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ සිය ගැටළුව ජනාධිපතිවරයා වෙතට ඉදිරිපත් කළ යුතු බවයි.

අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසට මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවයි.

එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ගැටළුවට සවන්දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...