31 C
Colombo
Friday, April 19, 2024

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (22) IMF වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් මෙම විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළ මට්ටමක ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

“2026 වෙද්දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා වැඩි කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය සියයට 30ක් දක්වා දැන් වැඩිකර තිබෙනවා.

වැට් බදු අනුපාතය සියයට 8 සිට සියයට 15 දක්වා වැඩි කර තිබෙනවා. වැට් බදු ලබාදීමේ නිදහස් කිරීම ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම හා S VAT ක්‍රමය අහෝසි කරීමටත් පියවර ගන්නවා.

2025 දී අවම බදු නිදහස් කිරීමට යටත්ව දේපළ බද්ධක් වෙනුවට ධන බද්දක් හදුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...