31 C
Colombo
Monday, June 17, 2024
spot_img

හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය එංගලන්ත අගමැති

- Advertisement -

හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි හිටපු බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ආපසු හරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බ්‍රිතානයේ පළාත් පාලන මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි.

කෙසේ නමුත්, හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.  

ඡන්දය ප්‍රකාශ කිරීමට ඡායාරූප හැඳුනුම්පත අත්‍යවශ්‍ය බවට වන නව නීතිය 2022 වසරේදී බොරිස් ජොන්සන් විසින්ම හඳුන්වා දී තිබීමද මෙහි විශේෂත්වයක්.  

පසුගිය වසරේ බ්‍රිතානයේ පැවති පළාත් මැතිවරණයේදී 14,000කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූයේත් මෙම නව නීතිය හේතුවෙන්. 

RECENT ARTICLES - SINHALA

බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට

මන්නාරම, සිලාවතුර, පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොළේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අ‍ැතැයි සිලාවතුර පොලිසිය පවසනවා. රාජකාරී කරන අතරතුර කැළෑව...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

අපි අගමැති තනතුර කාටවත් දෙන්න කැමති නැහැ-එස්.එම් චන්ද්‍රසේන

ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...