30 C
Colombo
Friday, May 17, 2024

දැරියක් දූෂණය කළ විදුහල්පතිට වසර හතක සිර දඬුවමක්

- Advertisement -

පාසල තුළදී දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර හතක සිර දඬුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසින් ඊයේ (11) නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද, රුපියල් ලක්ෂයක වන්දියක්ද, දැරියට ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

2014 සැප්තැම්බර් 23 වැනි දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

දැරිය දූෂණය කිරීමේ සිද්ධිය දැරියගේ කට උත්තරය හා අධිකරණ වෛද්‍ය වාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත පැහැදිලිව ඔප්පු වී තිබු අතර විත්තිකාර විදුහල්පතිවරයා එම චෝදනාව තමන් විසින් සිදු කරන ලද බවට ප්‍රකාශයක් කරමින් අධිකරණයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම චූදිත විදුහල්පතිවරයා තමන්ව නිදහස් කරන ලෙසද ආයාචනා කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...