25 C
Colombo
Sunday, May 19, 2024

බේරේ වැව ලස්සන කරන්න පෞද්ගලික අංශය සූදානම්

- Advertisement -

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබෙනවා.

එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිතයි.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

අදාල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමටද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා.

මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක්ද නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...