30 C
Colombo
Friday, May 17, 2024

දුම්රිය වර්ජනය තවදුරටත්

- Advertisement -

පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස දී උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ (04) සිට ලෙඩ නිවාඩු වාර්තා කළා.

ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 78ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරුණු අතර පහරදීමට සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබෙනවා.

එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය උප නියාමකවරුන් පවසනවා.

මේ හේතුවෙන් උප නියාමකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් මහතා පැවසුවා.

“දැනට දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට සාකච්ඡා මට්ටමේ දෙයක් දීලා නෑ. උප නියාමකවරුන්ට ජීවිත තර්ජනයක් එල්ල විය හැකියි කියන සැකය නිසා තමයි ඒ අය අසනීප නිවාඩු වාර්තා කරලා තියෙන්නේ. පුළුවන් තරම් කටයුතු කරන්නේ මේ අයව ගෙන්නා ගෙන සර්විස් එක දෙන්න තමයි. ඒක තාම තහවුරු වෙලා නෑ. එහෙම තත්ත්වයට යනවා කියලා. තාම සාකච්ඡා කරලා නෑ ඒ ගැන. ඒ හිටපු ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට අරගෙන නෑ. වැඩතහනම් කරලා තියෙනවා. ඒ වෙලාවේ තව හතර පස්දෙනෙක් උපනියාමක නිලධාරියාට බිම පෙරළාගෙන තදින් පහරදීලා තියෙනවා. ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා තමා මේ අය කියන්නේ. ඔවුන්ව හඳුනාගත්තේ නෑ කියලා තමා දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ.”

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන් විශාල පිරිසක් ඊයේ දිනයේ දැඩි අපහසුතාවයට පත්ව තිබු අතර ඇතැම් දුම්රිය ස්ථානවල දී දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීම් ද වාර්තා වුණා.

කෙසේ වෙතත් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද අද පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවනු ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...