24 C
Colombo
Tuesday, March 21, 2023

අරගලය මර්දනය කළොත්, අපි හැප්පෙනවා..! – අනුර

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජන අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් මර්දනය කිරීමට සූදානම් වෙන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඊට එරෙහිව සටන් වැදීමට තම පක්ෂය සූදානම් බවයි.

“රට තුළ රාජපක්ෂ කඳවුර පරාජයට පත්කරලා ඉවරයි. ඇමතිවරයෙකුට ගමට යන්න බැහැ. මන්ත්‍රීවරයෙකුට පාරට බහින්න බැහැ. රාජපක්ෂලාට හැංගිලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. ගෝඨාභයට රට පැනලා එහෙ මෙහෙ පැන පැන ජීවත්වෙන්න වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂට ලංකාවෙන් යන්න බැරිවෙලා තිබෙනවා. රාජපක්ෂ කඳවුර රටේ පළවාහැරලා ඉවරයි.

හැබැයි රාජපක්ෂ භූත ආත්මයන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. භූත ආත්මයන් තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහව තේරුවේ. පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ රාජපක්ෂ කඳවුර යළි නැඟිටීමක්. ජනාධිපති, අගමැති, මුදල් ඇමති ධූර නැතිවුණාට පාර්ලිමේන්තුව ඔවුන් සතුව තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ඕන වෙලාවක තමන්ට හිතෙන ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත්කර ගන්න පුළුවන්.”

ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ ගෝඨාභය එළවීමෙන් හෝ මහින්ද එළවීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබෙනවා. මේ සමස්ත ඉත්තෝ සෙල්ලමම ඇති කළේ බැසිල් රාජපක්ෂ. අන්න ඒ රාජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත්කිරීමේ වගකීම අපි භාරගන්න සූදානම්.”

ඒ සඳහා අපේ ප්‍රබලම ඉල්ලීම බවට පත්වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට නව ජනවරමක් සඳහා අවස්ථාව ලබාදීම. මේ පාර්ලිමේන්තුව ජනතාවගේ ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා අපේ සටන නව පාර්ලිමේන්තු මැතිවරණයක් දියත්කර ගැනීම සඳහායි. මං දැක්කා රනිල් වික්‍රමසිංහ එකක් තියාගෙන මේ ගහපු ගේම් එක ගැන කියනවා. එකක් නෙමෙයි හෘදසාක්ෂියක් නැහැ.

ජනතාවගේ පිළිසරණක් නැති නායකයින් අවසානයේ සරණ පතන්නේ මර්දනයෙන්. දැන් පෙන්නුම් කරමින් තිබෙන්නේ ඒ මර්දනය සඳහා සැලසුම් සකස් කරන බව. ජනතා නැඟිටීමට නායකත්වය දීපු තරුණ තරුණියන් පිටුපස හඹාගෙන යන්න පටන් ගෙන තිබෙනවා. පරණ නඩු ෆයිල් එකතු කරමින් තිබෙනවා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කවර හෝ ආකාරයෙන් මර්දනය කරන්න සූදානම් වෙනවා නම් රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න අපි ලෑස්තියි. ඒ සඳහා අවශ්‍ය සියලු බලවේග අපි එක්රැස් කරමින් තිබෙනවා. එහෙම නැතුව කැඳ වගේ, වැනෙන, ප්‍රතිපත්තියක් නැති, අවස්ථාව මොකක්ද කියලා තේරෙන්නේ නැති නායකයින්ට මේක ගලවා ගන්න බැහැ.

අගමැතිකමත් රාජපක්ෂලාගේ හොඳම සුරතලෙකුට ලැබෙයි. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කරන්න ඕනේ මේ ආණ්ඩුව අන්තර් පාලනයක් ද? දිගටම පවතිනවා ද? කියලා. ඒක අන්තර් පාලනයක් නම් වැඩසටහන මත අපිට සහාය දක්වන්න පුළුවන්. මා දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට දීලා තියෙන සහතිකය තමයි මේ පාර්ලිමේන්තුව තව අවුරුදු 3ක කාලයක් තිබෙනවා කියලා.”

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.