33 C
Colombo
Monday, May 6, 2024

දෙකොන ඇවිලිණු විලක්කුවක් වූ ඉම්රාන් ඛාන්ගේ පාලනය සහ පාකිස්තානයේ ඉරණම

- Advertisement -

තමන් විසින් නිර්මාණය කරගත් තත්ත්වයන් හේතුවෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සෑහෙන කලක සිට දුෂ්කර අවධියක් පසුකරමින් සිටිනවා. රට වැ⁣ටී තිබෙන දුෂ්කර තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා සෞදි අරාබියේ පාලකයන් ඉදිරියේ දණින් වැටී මූල්‍ය ආධාර ඉල්ලා දණින් වැටීමට ඛාන් අග්‍රාමාත්‍යවරයාට පසුගියදා සිදුවුණා. ඊට අමතරව තහනම් අන්තවාදී සංවිධානයක් වන Tehreek – e – Labbaik Pakistan (TLP) බලපෑම්වලට යටවන්නටද ඉම්රාන් ඛාන්ට සිදුව තිබෙනවා. පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරල් Qamar Javed Bajwa සමඟ අග්‍රාමාත්‍යවරයාගේ ඇති ගැටුමද මේ වනවිට ඉතා ප්‍රබලව මතුවෙමින් තිබෙනවා.

මෙම සතිය වන විට ඉම්රාන් ඛාන් බලයට පත්වූ දා සිට කඩා වැටුණු පාකිස්තාන ආර්ථිකය ඉතා බරපතල අර්බුදයකට පැමිණි ලකුණු පෙන්නුම් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර අනුමත කළ ⁣ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක ණය මුදලින්, ඩොලර් මිලියනයක මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශක Shaukat Tarain පසුගිය සතියේ
වොෂින්ටනයේදී පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වුණා. ඒ “ආදායම් සහ වියදම් අතර දිනෙන් දින පුළුල් වන පරතරය අඩු කිරීමට අවශ්‍ය යම් යම් පියවර ගැනීමට පකිස්තාන රජය අපොහොසත් වීම කරණකොට ගෙනයි. මේ අතර ලොව වැඩිම ණය බරක් සහිත රටවල් 10 අතරට පාකිස්තානය ඇතුලත් කිරීමට ලෝක බැංකුව පියවර ගත්තා.

පාකිස්තාන මහබැංකු වාර්තාවලට අනුව රජයේ ණය පකිස්තාන රුපියල් ට්‍රිලියන 39.9 දක්වා වැඩි වී ඇති අතර ඉන් රුපියල් ට්‍රිලියන 14.9 ඉම්රාන් ඛාන්ගේ තෙවසරක පාලන සමයේ ලබා ගත් ණයයි. පාකිස්තානයේ උද්ධමනය දකුණු ආසියාවේ ඉහළ අගය සටහන් කරමින් සියය⁣ට 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පාකිස්ථානුවන්ට බරපතල ජීවන අර්බුදයක් උරුම කර දී තිබෙනවා.

මෙම ආර්ථික අර්බුදය මධ්‍යයේ, පකිස්ථානය සහ ඇමෙරිකාව අතර සබඳතා ද්විපාර්ශ්වික සබඳතා අවම මට්ටමට පිරිහී තිබෙනවා. පාකිස්තානයේ සමීපතම මිතුරා වන චීනය සමඟ සබඳතා පවා දිනෙන් දින කළමනාකරණය කිරීමට අපහසු සහ සංකීර්ණ වෙමින් තිබෙන්නේ චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර වැලැක්වීමට ඛාන් රජය අපොහොසත්වීම හේතුවෙන් චීනයෙන් එල්ලවන පීඩනය දිනෙන් දින.ඉහළ යෑම හේතුවෙන්.

පකිස්තාන නායකයන් විසින්
CPEC එරටට සෞභාග්‍යය රැගෙන එනු ඇතියි පැවසුවද එම ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත වී තිබෙන්නේ පකිස්ථානයේ සිටින චීන නිලධාරීන්ට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිකම සහ විවිධ ව්‍යාපෘති සඳහා පකිස්ථානයට තම අරමුදල් කොටස ආයෝජනය කිරීමට ඇති නොහැකියාව ඇතුළු විවිධ හේතූන් මත චීනය ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති බැවිනි.

මෙතරම් පුළුල් පරාසයක ගැටලු අතරේ පාකිස්තාන හමුදාව සමග ඉම්රාන් ඛාන්ගේ සබඳතා බිඳ වැටෙමින් තිබෙනවා. පාකිස්තාන දේශපාලනයේ ප්‍රමුඛ ලක්ෂණයක් වන බලයේ සිටීම සඳහා හමුදාව සමග හොඳ හිත පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ මනා අවබෝධයක් ඇති ඛාන් අග්‍රාමාත්‍යවරයාට උද්ගතව ඇති තත්ත්වය මහත් කණස්සල්ලට හේතුවක් වී ඇති බව නොඅනුමානයි.

අන්තර් සේවා බුද්ධි අංශයේ (ISI) ප්‍රධානියා පත් කිරීමෙිදී යුද හමුදාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වයේ ප්‍රතිපල දරුණු විය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පාකිස්තාන දිනපතා පුවත්පතක් වන Dawn හි පළවූ දේශපාලන විචාරක සහිඩ් හුසේන්ගේ ලිපියක දැක්වුණේ, ISI ප්‍රධානියා පත් කිරීම සම්බන්ධයෙන් අගමැති සහ ආරක්ෂක ප්‍රධානීන් අතර වාර්තා වූ ගැටුම දෙපාර්ශ්වය අතර සබඳතා බිඳවැටීම පුලුල් වීම සංකේතවත් කරන බවයි. අග්‍රාමාත්‍යවරයා තම අධිකාරිය තහවුරු කර ගැනීම සඳහා වැරදි ප්‍රශ්නය තෝරාගෙන ඇති බව එම ලිපියේ දැක්වෙනවා.

Dawn පුවත්පතේ කතුවැකියකින් ද තවත් වැදගත් කරුණක් අවධාරණය කර තිබුණි. එහි සඳහන් වූයේ, “සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුල රාජ්‍යයේ බුද්ධි අංශවල පත්කිරීම් පිළිබඳ සාකච්ඡාව, වගකීම පැවරී ඇති නිලධාරීන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන් ඉදිරියේ ඇති අභියෝග වටා කැරකෙන බවයි. නමුත් කණගාටුවට කරුණක් නම්, පාකිස්තානයේ එවැනි පත්වීම් වලදී විවාදයට ලක් වන්නේ දේශපාලන බලපෑම සහ වසර ගණනාවක් පුරා බුද්ධි අංශවල කොටසක් බවට පත් වූ මෙම අංශ වෙත නව පුද්ගලයා ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳ බව Dawn කතුවරයා පෙන්වා දෙනවා.

අවාසනාවකට මෙන්, ඛාන් සහ හමුදා ප්‍රධානියා අතර ගැටුම එතැනින් නතර වුයේ නැහැ. TLP ස්වරූපයෙන් තවත් තර්ජනාංගුලියක් අගමැතිවරයා වෙත දිගු කෙරුණා. TLP හා පාකිස්තාන හමුදාව අතර ඇති සම්බන්ධය අලුත් එකක් නොවෙයි. මෑතකදී DW Asia හි Shamil Shams පෙන්වා දුන්නේ හමුදාව, ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ ආණ්ඩුවට මෙම කණ්ඩායම් හරහා දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවයි. හමුදාව, සිවිල් ආණ්ඩුවලට එරෙහිව මෙම කන්ඩායම් භාවිතා කර ඇති බව (හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එරෙහි තත්ත්වයේදී) ඉතිහාසය පුරා දුටු බව Shamil පෙන්වා දෙනවා.

පසුගිය සතියේ, TLP සංවිධානයඉස්ලාමාබාද් අගනුවරට දැවැන්ත විරෝධතා පාගමනක් දියත් කළේ සිරගත කර සිටින සිය සංවිධානයේ ප්‍රධානියා, Saad Hussain Rizvi නිදහස් කරන ලෙසත්, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ප්‍රංශ තානාපතිවරයා ඉස්ලාමාබාද් නුවරින් නෙරපා හරින ලෙසත් ඉල්ලමින්.

මෙම වසර මුලදී ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සහ තහනම් කරන ලද TLP, රටපුරා විරෝධතා පෙළපාලි මගින් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානය කිහිප වතාවක්ම අඩපණ කළේය. තත්ත්වය බරපතල වීමත් සමග අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Sheikh Rasheed Ahmed ඔක්තෝබර් 24 දින නිවේදනය කළේ සිරගත කර සිටි TLP ක්‍රියාකාරීන් 350කට වැඩි පිරිසක් මුදා හැරි බවයි. එමෙන්ම සෙසු පිරිසට එරෙහිව ඇති නඩු ඉල්ලා අස්කරගන්නා බවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නිවේදනය කළා.
එමෙන්ම සාද් රිස්වි නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රංශ අර්බුදය පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන බවත් ඔහු පොරොන්දුවක් ලබා දුන්නා. ඒ අනුව TLP විරෝධතා පාගමන අවසන් කෙරුණා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ මෙම පැහැදිලි කළ නොහැකි දුර්වල ක්‍රියාකලාපය සහ දණින් වැටීම එරට සාමාන්‍ය ජනතාව තුළ සැලකිය යුතු කෝපයක් ජනනය කෙරුණා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය සියලු ආකාරයේ ප්‍රචණ්ඩ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට රාජ්‍යයේ අධිෂ්ඨානය පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කර තිබෙනවා.

TLP ප්‍රචණ්ඩ විරෝධතා, ISI ප්‍රධානී හමීඩ් මෙන්ම ඔහුද ජෙනරාල් බජ්වාට යටත් වන බවත්, අනෙක් අතට නොවන බවත් ඉම්රාන් ඛාන්ට මතක් කිරීමකට වඩා වැඩි යමක් වනු ඇති. එමෙන්ම ඉදිරි දිනවලදී TLP උද්ඝෝෂණය ගන්නා දිශාව,ග අනුව ISI ප්‍රධානියා සම්බන්ධයෙන් ඇති වූ ගැටුමෙන් පසු ජෙනරාල් බජ්වා ඉම්රාන් ඛාන් දෙස බලන ආකාරය සහ ඉදිරි දින සහ මාසවලදී ඛාන්ට සැලකීමට අදහස් කරන ආකාරය පිළිබඳ ඉඟියක් ලබා ගත හැකි වනු ඇති

පකිස්තානයේ ඛේදවාචකය නම්, හමුදා ප්‍රධානියා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිව තිබෙන ගැටුම තුල රට ආගමික අන්තවාදීන්ගේ අතට පත්වීමේ අනතුරයි.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...