අද (16) දිනයේ තමන්ගේ පුතණුවන්ගේ විවාහය සිදුවන බවත් ඒ හේතුවෙන් විවාහ උත්සව සම්පූර්ණයෙන් තහනම් කිරීමේ තීරණය හෙට සිට ක්‍රියාත්මක කෙරෙන බවටත් වන කටකතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තුළ පලවන එම කටකතා අසත්‍ය බවයි.
අද (16) උදෑසන රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ තමන් හට පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉන් එක් පුත්‍රයෙක් 2015 වසරේ විවාහ වූ බවත් අනෙක් පුත්‍රයා 2016 වසරේ විවාහ වූ බවත්ය.
ඔවුන් මේ වන විට ඉතාමත් හොද යුගදිවියක් ගතකරමින් සිටින බැවින් මෙවැනි කටකතා පිළිබදව තමන්ටද සිනහා යන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
