25.2 C
Colombo
Tuesday, March 5, 2024

පොලිස් ඇමතිට බැන්න සැරයන්ට වැඩ වරදි

- Advertisement -

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

මෙලෙස බැණ වැදී ඇත්තේ කැලණිය කොට්ඨාස දිසා බඩු ගබඩාවේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන්වරයෙක් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

පොලිස් සැරයන්වරයා ඉකුත් 09 සවස් කාලයේදී බීමත්ව එම බැණ වැදීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැරයන්වරයාගේ බිරිඳගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරි ඒ පි එන් ජි ජයතිලක මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...