29 C
Colombo
Saturday, July 27, 2024

නැව දැන් අයිති අපිට, ඔක්කොම වන්දිත් අපිට – SB

- Advertisement -

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සම්පූර්ණ අයිතිය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

එම නිසා නෞකාවට අයිතිවාසිකම් කීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට නොහැකි බවයි ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා සඳහන් කළේ.

නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා දැරීමට සිදු වූ පිරිවැය සහ මෙම සිදුවීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කර අවසන් වී නොමැති බව පෙන්වා දෙන එස්.බී. දිසානායක මහතා පවසන්නේ එම තක්සේරුව අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට විශාල වන්දියක් හිමිවනු ඇති බවයි.

එම වන්දි මුදලට සම්පූර්ණ හිමිකම් කියන්නෙ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවත්, වෙනත් කිසිදු පාර්ශ්වයකට ඒ සඳහා හිමිකම් කීමට අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා. ගින්න නිවා දැමීම සඳහා සහාය දුන් ඉන්දියාව ඇතුළු රටවලට, වෙනත් ආයතනවලට ගෙවීම් සිදු කරන්නේද ශ්‍රී ලංකාව විසින් බව දිසානායක මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...