28 C
Colombo
Friday, May 31, 2024
spot_img

රනිල්ට එරෙහි වුණොත් තමන් මරා දමන බවට ආ තර්ජනය පිළිබඳ කතානායක නිහඩයි – වසන්ත යාපා බණ්ඩාර

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කළද ඔහුද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඇතැම් මුග්ධ තීරණ සහ සිදුකළ අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් වූ තමන්වද යොදාගත් බව මෙම සාකච්ඡාවේදී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

තවදුරටත් එසේ මුලා වීමට නොහැකිවීම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් රාජපක්ෂ පාලනයට එරෙහිව සටනක් ආරම්භ කර ඇති බවත් වරෙක රාජපක්ෂලා බිත්තියට හේත්තු කිරීමට තමන් ඇතුළු පිරිසට හැකිවූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...