25 C
Colombo
Sunday, May 19, 2024

කැබිනට් මණ්ඩලය ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

- Advertisement -

මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයක් නැවැත්වීම සඳහා පුර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ අදට (09) වසරක් සැපිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරිණ බව පැවසු අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යළි දිනක උදා නොවීමට අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන් කළා.

“අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන, මිනිස්සුන්ට නිදහසේ ගමන්බිමන් යාමට සහ තමන්ගේ නිවස තුළ ජීවත්වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කරන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීමට පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා.”

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...