මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක පිළිබඳ තැබූ පදක්කම් බලපොරොත්තු අද අලුයම බිඳ වැටුණා.
කිලෝග්‍රැම් 73 බර පන්තියෙන් පිරිමි බර ඉසිලීමේ ඉසව්වට එක් වූ ඉන්දිකට එම තරග ඉසව්ව මෙවර සාර්ථකව නිමා කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ.
ඉන්දික Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 133ක බරක් එසවීමට සමත් වුවත් ,Clean & Jerk ක්‍රමයට ඔහුට හිමි වූ අවස්ථා තුනම අසාර්ථක වීම හේතුවෙන් ඉන්දිකට එම ඉසව්ව සාර්ථකව අවසන් කිරීමට හැකි වූයේ නැහැ.