32 C
Colombo
Monday, April 29, 2024

ශ්‍රී ලංකා මුහුදු තීරය චීන පර්යේෂණ යාත්‍රාවල කෙළි මඩලක් ද?

- Advertisement -

චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවක් වන Shi Yan 6 මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට මේ වන විට වාර්තා පළ වනවා.
ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන අදාළ අධි තාක්ෂණික චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව නොවැම්බර් මාසය දක්වා මෙරට රැදී සිටීමට සැළසුම් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතත් තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
චීන හමුදා යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම හමුවේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ගැටළු පිළිබඳ ඉන්දීය රජය අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා රජය වෙත සිය කනස්සල්ල පළකර ඇති පසුබිමක් තුළ මෙම සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව ලබන ඔක්තෝම්බර් මාසයේදී පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන බවයි ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ.

Shi Yan 6 නෞකාව ඔක්තෝම්බර් 25 වන දින ශ්‍රී ලංකාවට ළඟා වන බවත්, දින දාහතක් පුරා ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ මෙහෙයුම්වල නිරත වන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට තහවුරු කර තිබෙනවා.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය සමඟ ඒකාබද්ධ පර්යේෂණ මෙහෙයුම් සඳහා Shi Yan 6, පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.
කෙසේ වෙතත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) මීට පෙර පවසා තිබුණේ මෙම යාත්‍රාව මෙරට මුහුදු තීරය වෙත පැමිණීම ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ ඇති කර ගත් ගිවිසුමක කොටසක් බවයි.

Shi Yan 6 යානය දකුණු වෙරළ තීරයේ පමණක් පර්යේෂණ මෙහෙයුම්වල නිරත වන බව නාරා ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත් තම පර්යේෂකයන්ට Shi Yan 6 යානයට ගොඩවීමට අවසර ඉල්ලා සිටි නමුත් මේ වන විටත් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සමුද්‍ර භූ විද්‍යා අධ්‍යයනාංශය පැවසුවා.

අති නවීන පර්යේෂණ පහසුකම්වලින් සමන්විත Shi Yan 6 හි නිෂ්පාදිත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක්.
දිගින් මීටර් 90.6 ක්, පළල මීටර් 17.0 ක්, ගැඹුර මීටර් 8.0 ක් සහ දළ ටොන් 3,990 ක් වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුට අවශ්‍ය පහසුකම්වලින් යුක්ත මෙම නෞකාව ගොඩබිමින් කිසිදු සැපයුමක් ලබා නොගෙන දින 60ක් මුහුදේ රැඳී සිටීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විතයි.
Shi Yan 6, පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය නොවේ.
Shi Yan 6, පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාව මීට පෙර 2022 අප්‍රේල් 20 වන දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දින දහයක් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටියා.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වරායන් වෙත මෙවැනි යාත්‍රා විශාල ප්‍රමාණයක් පැමිණ ඇති අතර ඉන් බහුතරයක් චීන පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රා වීම කැපී පෙනන කරුණක්.

මෙම යාත්‍රා අතරට Shi Yan 6, Shi Yan 1, Shi Yan 3, Xiang Yang Hong 3, Xiang Yang Hong 18, Xiang Yang Hong 1, Xiang Yang Hong 6 සහ Xiang Yang Hong 19 ඇතුළත් වනවා.
මෙම මතභේදාත්මක සිද්ධීන් පිළිබඳ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පල කරමින් සමගි ජනබලවේගයේ විදේශ කටයුතු ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පැවසුවේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නැති බවයි.
“මේ රටේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මේ රජය පාඩම් ඉගෙන ගෙන නැහැ. මොකද මීට කලින් යුවාන් වැන්ග් 5 හම්බන්තොටට ආපු වෙලාවේ විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඉන්දියාව ඒකට මැදිහත් වුණා. චීනය අනිත් පැත්තෙන් මැදිහත් වුණා. එතකොට ඒ රටවල් දෙක අතරට අපි කොටුවුණා. ඒ වෙලාවේ රජය කිව්වා මේකට ප්‍රතිපත්තියක් හදනවා කිව්වා, විශේෂයෙන්ම මේ පර්යේෂණ ගණයට අයිති වන නැව් අපේ රටේ වරායන් වෙත එන කොට ක්‍රමවේදයක් හදනවා කිව්වා කොහොමද ඒ අවසරය දෙන්නේ කියලා. දැන් Shi Yan 6 සිද්ධිය පටන් අරන් තියෙනවා. නමුත් අපිට තේරෙනවා රජයට ප්‍රතිපත්තියක් නැහැ. ඉන්දියාවත් අපේ මිතුරෙක්. චීනයත් අපේ මිතුරෙක්. ඒ නිසා අපි රජයට කියනවා මේ මිතුරුකම් නැති කර ගන්නේ නැතුව මේවට හරි ක්‍රමවේදයක් හදන්න.” නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

QUAD සහ අනෙකුත් ASEAN බලවතුන්ට එරෙහිව අනාගත න්‍යෂ්ටික සබ්මැරීන මෙහෙයුම් සඳහා චීනය ඉන්දු-පැසිෆික් කලාපය සිතියම්ගත කරමින් සිටින බව දැන් ප්‍රසිද්ධ රහසක්.
ඉන්දියන් සාගරයේ සාගර පතුල, ලවණතා අන්තර්ගතය සහ උප මතුපිට උෂ්ණත්වය සිතියම්ගත කිරීම සමක ජලයේ ඇති සබ්මැරීන මිසයිලවල ප්‍රබලතාව සහ නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ විශාල උපාය මාර්ගික අභ්‍යාසයේ කොටසක්. මතුපිට සාගරයේ සහ සාගර පතුලේ උෂ්ණත්වය අතර වෙනස හේතුවෙන්, සමක ජලයේ පාර්ශ්වික ප්‍රතිලෝම ලෙස හැඳින්වෙන සංසිද්ධියක් සිදු වන අතර, ගැඹුරු ජලයේ ඇති ප්‍රහාරක සබ්මැරීන හඳුනා ගැනීම කළ නොහැක්කක් වන අතර පවතින එකම විකල්පය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ශබ්දය හඳුනා ගැනීමයි.

දකුණු ඉන්දියානු සාගර ජලය පිළිබඳ සමීක්ෂණයේ අරමුණ, අප්‍රිකාවේ නැගෙනහිර සහ බටහිර මුහුදු තීරයේ බීජිං හි සේවාදායක ප්‍රාන්ත වෙත ඉන්දියානු ආධිපත්‍යයෙන් බැහැර නව මුහුදු මාර්ග ප්‍රස්ථාරගත කිරීම මගින් වේගවත් ප්‍රවේශයක් ලබා දීමයි.
ඉදිරි වසර දෙකත් පහත් අතර හම්බන්තොට වරාය ආශ්‍රිතව චීනය හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමේ අභිලාෂය සම්බන්ධයෙන් මේ මස මුලදී අධ්‍යයන වාර්තාවක් නිකුත් කෙරුණා.

ඒ අනුව දකුණු ඉන්දීය සාගරයේ චීන බලය ඉහළ නැගීම භූ දේශපාලනික් වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී තිබෙනවා.
2014 දී ශ්‍රී ලංකාව චීන සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලෑමට ඉඩ දීමෙන් ඉන්දියාව දැඩි කනස්සල්ලට පත් කළ සිදුවීමක් වූ අතර හම්බන්තොට වරාය ශ්‍රී ලංකාව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගමට බදු දීමෙන් පසුව ඉන්දීය කනස්සල්ල තීව්‍ර ලෙස වර්ධනය වූ බව රහසක් නොවේ.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පලවන අන්තර්ජාතික වාර්තා සහ චීන පර්යේෂණ නෞකා නිරන්තරයෙන් ශ්‍රී ලංකා මුහුදට ඇතුලු වීම සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී ඉන්දියාවට දැඩි ගැටලුවක් වනු නොඅනුමානයි.
ඉන්දියාව සහ චීනය අතර මූලෝපායික තරඟකාරිත්වය සහ ජාතීන් දෙක අතර හැකියාවන්හි වැඩිවන අපසරනය සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ බීජිං අතර සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස සැලකිලිමත්.

2022 දී, චීනයේ පර්යේෂණ යාත්‍රාවක් හම්බන්තොට වරායට නැංගූ විට ඉන්දියාව විරුද්ධ විය. හම්බන්තොට සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් මාතර ප්‍රදේශයේ චීනය රේඩාර් පහසුකමක් ගොඩනඟන බවට මීට පෙර වාර්තා පළ වුණා.
ශ්‍රී ලංකාවේ මූලෝපායික භූගෝලීය පිහිටීම චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන ගෝලීය තරගකරුව්නගේ ගණනාවකගේ අවධානයට ලක්ව තිබෙනනා.
සියල්ලෝම උත්සාහ කරනුයේ කලාපයේ පැවැත්ම තහවුරු කර ගැනීමටයි.
ජාත්‍යන්තර සංකීර්ණතාවලට හසු නොවී සිටීමට ශ්‍රී ලංකාවේ අභිලාෂය තිබියදීත්, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සඳහා වූ තමන්ගේ කැපවීම ඵලදායී ලෙස ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩු පසුගිය කාලය පුරාම අපොහොසත් වීම බොහෝ ගැටලුවලට හේතුව වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...