31 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

- Advertisement -

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින කාලයක් උදා වී තිබෙනවා.

ඔවුන් සමාජ ජාල ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් පරිපාලනයටත් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරමින් සිටිනවා.

මේ අතර, ලෝ ප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටුවේ ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය ලෙස ‘ලොන්තයෝ’ ලෙස සඳහන් කර තිබෙනවා.

විකිපීඩියා වෙබ් අඩවියේ කුසල් මෙන්ඩිස් හට ‘බිංදුසාර’ ලෙසත්, වනිඳු හසරංගට ‘කැඳ බීපු පිංපියා’ ලෙස කෙටි නාමයන් ඇතුළත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ තරඟවලදී ඔවුන් ලැබූ නින්දිත පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් විසින් “ලොන්තයෝ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා විකිපීඩියා වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා.

එසේම ජයග්‍රහණ නොමැතිව ලෝකයේ ඉහළ වැටුප් ලබන කණ්ඩායමක් ලෙසත් එම වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...