29 C
Colombo
Sunday, December 5, 2021

ප්‍රමිති ආයතනය බොරු කියයි. විෂ ආහාර ගෙන්වන ආයතන ලැයිස්තුව අදත් නොදී මඟ හරියි

- Advertisement -

සිංහලේ සංවිධානය විසින් ඊයේ (05) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා හමුවී සිදුකරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මෙරටට ගෙන්වන විෂ සහිත ආහාර වර්ග හා ඒවා ගෙන්වන ආයතනවල නම් ලැයිස්තුව අද (06) දිනයේ ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දී තිබුණා.

අදාල ලිඛිත පොරොන්දුවට අනුව එම නම් ලැයිස්තුව ලබාගැනීමට එහි ගිය සිංහලේ සංවිධානයේ සාමාජිකයන් හට අද දිනයේත් ආනයනික විෂ සහිත ආහාර හා සමාගම් ලැයිස්තුව ලබා නොදී මඟ හැරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කර තිබෙනවා.

ඔවුන් අද දිනයේත් ලිපියක් ලබාදී පවසා තිබුණේ අදාල නම් ලැයිස්තුව ලබාදීම සම්බන්දයෙන් නීති උපදෙස් ලබාගනිමින් සිටින බැවින් ඒම ලැයිස්තුව අද දිනයේ ලබාදිය නොහැකි බවයි.

මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් හා ඒවාට අවසර ලබාදීම සම්බන්දයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පසුගියදා පැවසුවේ චෝදනාලාභී ආයතන තව දුරටත් පොල්තෙල් ආනයන ක්‍රියාවලියේ නිරතව සිටින බවයි.

එමෙන්ම මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක අඩංගුව ඇතත් ඒවා ගෙන්වන ආතයන කුමක්දැයි හෙළි නොකරන්නේ ඒවාට අවශ්‍ය අවවාද උපදෙස් ලබාදී හදාගැනීමට තම ආයතනය කටයුතු කරමින් සිටින නිසාවෙන් බවයි.

රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්දයෙන් මෙවැනි බරපතල තත්ත්වයක් පවතින විටත් බලධාරීන් එය මෙතරම් සැහැල්ලුවෙන් සිතා කටයුතු කරන ආකාරය පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට සිට නැවතත් ඔබේ නිවසට ගෑස්

හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්‍රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන්...

තෙල් පිරිපහදුව යළි විවෘත වන දිනය ගම්මන්පිළ ප්‍රකාශ කරයි

0
සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාසනවා. එලෙස...

වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි

0
2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරඟයෙන් පත් කිරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය විසින් අතුරු...

RECENT ARTICLES - ENGLISH

Torturing Sri Lankan to death: At least 800 booked under ATA

0
Pakistani police have booked at least 800 people under the Anti-Terrorism Act in connection with the torture and killing of Sri Lankan...

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...