29 C
Colombo
Saturday, July 27, 2024

දේශපාලකයන් රකින නිසා ගුවන් හමුදා භටයෙක්ව අරගලකරුවන් පැහැරගෙන ගිය කතාව බොරුවක්

- Advertisement -

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මඩකලපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබූ කෝප්‍රල් රත්නසූරිය එම්.වයි.ජී.ආර්.එම්.එල්.පී යන අය වාලච්චේන, රිදීතැන්න ප්‍රදේශයේදී ගසක බැඳ තිබෙන පුවතක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුණා.

එහිදී කියැවුණේ දේශපාලකයින් රකින නිසාවෙන් කිසියම් පිරිසක් එම ගුවන් හමුදා භටයාව පැහැරගෙන ගොස් ගසක බැද මෙලෙස වඳහිංසාවට ලක්කර ඇති බවයි.

මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරකමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසන්නේ අදාළ ගුවන් හමුදා භටයාව ගසක බැඳ තිබියදී ඊයේ (28) උදෑසන ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති පුවත සත්‍යක් බවයි.

ඔහුව ගස් බැඳ තිබූ ස්ථානයේ දෙමළ භාෂාවෙන් ලියන ලද පුවරුවක සටහන් කර ඇත්තේ “කෘෘර දේශපාලනයට උදව් කරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ ” යනුවෙනි.

පසුව වාලච්චේන පොලීසිය මගින් මේ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් තමන්ව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහරදී මරාදමන්නට උත්සහ කළ බවයි.

කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශය හා සිදුවීම් අතර පරස්පරතා පවතින බැවින් පොලීසිය විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයන්හීදී අනාවරණය වී ඇත්තේ අදාළ දෙමළ පුවරුව ලියා ඇත්තේ දෙමළ භාෂාව පිළිබදව පරිචයක් නොමැති පුද්ගලයෙකු බවයි.

ඉන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කෝප්‍රල්වරයා මෙම ක්‍රියාව තමන් විසින්ම සිදුකරන ලද්දක් බවට අවසානයේදී පිළිගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා අන්තර්ජාල පරිගණක සූදූ ක්‍රීඩා සඳහා දැඩිලෙස ඇබ්බැහිවී සිටින පුද්ගලයෙකු බවත් එම ක්‍රීඩා සඳහා යෙදවීම සඳහා විටින් විට තම කදවුරේ සහෝදර ගුවන් භටයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වූ බව පොලීසිය සදහන් කරනවා.

නැවත එම මුදල් ලබාදීමට ඔහුට නොහැකි නිසාවෙන් ඔහු සියදිවි නසාගැනීමට සූදානම්ව ඇතත් සියදිවි නසාගතහොත් තමන්ගේ බිරිදට ගුවන් හමුදාවෙන් ලැබෙන දීමනා නොලැබෙන බැවින් මෙවැනි ක්‍රියාවක් සැලසුම් කළ බවට කෝප්‍රල්වරයා පාපොච්චාරණය කර තිබෙනවා.

ගුවන් හමුදාව නිවේදනය කරන්නේ මෙම ක්‍රියාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කිසිදු පාර්ශවයක් සම්බන්ධ නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම මෙම ගුවන් භටයාගේ ක්‍රියාවක් පමණක් වන බවත්ය.

මේ වන විට මෙම කෝප්‍රල්වරයා වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අද දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් හමුදාව නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...