30 C
Colombo
Friday, May 17, 2024

රැඳවුම් භාරයේ සිටි සා.පෙළ සිසුවා පළා ගිහින්

- Advertisement -

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සපයන අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

මෙසේ පලා ගොස් ඇත්තේ පානදුර දොඩංගහවත්ත බෙත්ම‍ෙගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මාකොළ පිරිමි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ(08) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ විභාග මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.

සැකකාර ළමයා විභාගයට පෙනී සිටින අතර තුර ඔහුට වැසිකිලි යාමට අවශ්‍ය බව ශාලාධිපතිනිය දැනුම්දී ඇති අතර ඒ අනුව බන්ධනාගාර නිලධාරියා සැකකරු විභාග ශාලාව අසල පිහිටි වැසිකිළියට රැගෙන ගිය අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියා තල්ලුකර දමා ඔහු පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...