34 C
Colombo
Friday, May 3, 2024

සුපිරි සිව්දෙනාගේ වටය අද ඇරඹේ

- Advertisement -

ආසියානු කුසලානය හා බැඳුණු තවත් එදිරිවාදිකම් පිළිබඳ කතාංගයක් ලෙස බංග්ලාදේශය හා පාකිස්ථානය හැඳින්විය හැකියි. ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටය ආරම්භ කරමින් ඔවුන් අද පිටියට පිවිසෙන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු පළමු හමුවීම සනිටුහන් කරමින්.

ඉතිහාසය පුරා පාකිස්තානය හමුවේ පරාජයන් සමගින් පෙරබදින බංග්ලාදේශයේ අඳුරු මතක අතර තිබෙන්නේ 2012 හා 2014 ආසියානු කුසලාන අවසන් මහා තරග දෙක පමණක් නොවෙයි. මේ දක්වා පාකිස්ථානය හමුවේ එක්දින තරග 11කදී, ටෙස්ට් තරග 5කදී සහ 20/20 තරග 3කදී පරාජය වී ඇති බංග්ලාදේශය සිය එදිරිවාදියාට එරෙහිව ජයග්‍රහණයක් සොයමින් සිටිනවා.

කෙසේ වෙතත් එම ප්‍රතිඵල අද තරගයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත්තේ බංග්ලාදේශය මේ වන විට පන්දුවාර 50 ආකෘතියේ ශක්තිමත් ස්ථානයක සිටින බැවින්.ආසියානු කුසලානයේ සත්කාරකයන් වන පකිස්තානය ඔවුන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කරන අවසන් තරගය මෙය වන අතර ශ්‍රේණිගත කිරීම්හි අංක 1 හි රැඳෙන ඔවුන් සෑම අංශයකින්ම ඉහළ මට්ටමක් අත්පත් කරගෙන සිටිනවා.

ප්‍රධාන ක්‍රීඩකයන්ගේ ආබාධ හේතුවෙන් දැනටමත් දුර්වල වී ඇති බංග්ලාදේශය දැන් සිටින්නේ ඔවුන්ගේ වඩාත්ම දක්ෂතම හා ලකුණු අතර සිටි පිතිකරුවා වන නජ්මුල් හොසේන් ෂැන්ටෝ ද නොමැතිව යි. කෙසේ වෙතත්, ඉරිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන්ට ලාහෝර් තණතීරුවේ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිවයි අද තරගයට එක්වන්නේ.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

පාකිස්තානය ඔවුන්ගේ මුලික වටයේ තරග දෙකේදීම එකම කණ්ඩායමක් සමග ක්‍රීඩා කළ නමුත්, සුපිරි සිව්දෙනාගේ වටයේ දී එක් වෙනස්කමක් කරමින් මොහොමඩ් නවාස් වෙනුවට ෆහීම් අෂ්රෆ් කණ්ඩායමට එක් කරගෙන සිටිනවා.

ආබාධයකට ලක් වූ ෂැන්ටෝ වෙනුවට ලින්ටන් දාස් බංග්ලාදේශ කණ්ඩායමට එක් වනු ඇති.

පකිස්ථානය: 1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බාබර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 5 අගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 ෆහීම් අෂ්රෆ්, 9 ෂහීන් ෂා අෆ්රිඩි, 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්.

බංග්ලාදේශය : 1 මොහොමඩ් නයිම්, 2 මෙහෙදි හසන් මිර්සා, 3 ලින්ටන් දාස්, 4 ශකිබ් අල් හසන් (නායක), 5 මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), 6 තවුහිද් රිදෝයි, 7 ෂමීම් හුසෙන්, 8 අෆීෆ් හුසෙන්, 9 ටස්කින් අහමඩ්, 10 ෂරිෆුල් ඉස්ලාම්, 11 හසන් මහමුද්

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...