31 C
Colombo
Saturday, July 27, 2024

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

- Advertisement -

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසනවා .

අද පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය අසල කොටසක් බදුලු ඔයට කඩා වැටී නායයාමට ලක්වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නායයාමට ලක්වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ඒ අසල නාය ගිය ස්ථානයේ නාය යාම වර්ෂාවත් සමඟ තවත් සක්‍රීය වීමේ අවධානමක් තිබෙන බවයි.

විශේෂයෙන් වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මේ අවධානමක් ද පවතින හෙයින් රථ වාහන පැදවීමේදී විමසිලිමත්ව දැඩි ආරක්ෂිත ව කල්පනාකාරීව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙනවා .

විදුලි කණු කඩා ගෙන යාම නිසාවෙන් උඩුවර ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි බලය ඇනහිට තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...