28 C
Colombo
Saturday, July 27, 2024

රුපියලේ වටිනාකම ඉහළ ගියේ නිවැරදි ආර්ථික කළමනාකරණය නිසා -ජනාධිපති

- Advertisement -

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව සෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන විට ආර්ථිකය ශක්තිමත් වී ඇති බවයි.

බස්නාහිර පළාත් උපාධිධාරී ගුරුවරුන් 2,320 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“දැන් රුපියල 300ට ඇවිත් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ගන්න පියවරෙන් මම බලාපොරොත්තු වෙනවා ඩොලරයට රුපියල 280ක් කරගන්න. එතකොට අතට ලැබෙන සල්ලිවලට මුදල ශක්තිමත් වෙනවා. මේක කරගෙන යන්න ඕනේ. ආණ්ඩුවේ වැඩකරන්න මුදල් හොයා ගන්න ඕනේ. මේක අමාරු, දුෂ්කර මාර්ගයක යන්නේ. සම්පුර්ණයෙන්ම වැටුණ ආර්ථිකය අපි දියුණු කරගෙන යනවා. මේ කාලයේ දී පුළුවන් වුණා පඩි වැඩිකරන්න. දීමනා වැඩිකරන්න. අස්වැසුම තුන්ගුණයකින් වැඩි කරන්න. සිංහල අවුරුදු කාලයේ දී වීවලට හොඳ මිලක් ලබාදෙන්නත් අපි කටයුතු කළා. ආර්ථික නඟා සිටවන්න ඕන. මේ යන කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. එන වර්ෂය වෙද්දි ගුරුවරු බඳවා ගන්න අමාත්‍යාංශවලට මුදල් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...