ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (30) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු පහළ වැටීමක් වාර්තා වනවා.
ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 323.46ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 324.15ක් ලෙස වාර්තා වී තිබුණා.
මීට අමතරව අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.45ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 334.22ක් ලෙස සටහන් වූ බවට වාර්තා වනවා.