ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය සුළු පහත වැටීමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 321.87ක් ලෙස සටහන් වී තිබුණා.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 322.68 ක් ලෙස සටහන් වූ බව වාර්තා වනවා.
එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.78ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 333.07 ක් ලෙස වාර්තා වුණා.